• AM2016_PF

    Several Mellon/ACLS Public Fellows attended the 2016 ACLS Annual Meeting.

  • AHPMeritKagugo

    African Humanities Program Fellow Merit Kabugo studies the discourse of rural farmers. 

  • Buddha

    The Robert H. N. Ho Family Foundation Program in Buddhist Studies is a global competition. 

Sinhala

Loading...
 
රොබට් එච්. එන්. හෝ පවුලේ පදනම 
 
බෞද්ධ අධ්යයන පිළිබඳ සහෝදරත්ව සහ ප්රදාන තරඟ 2015
 
උගත් සමාජ පිළිබඳ ඇමරිකානු උපදේශක සභාව මගින් පරිපාලනය කෙරේ

ශ්‍රී ලාංකික ඔබට අයදුම් කළ හැකි පහත සඳහන් තරඟ ලෝකව්‍යාප්තව ක්‍රියාත්මක වේ. ඔබ යෝජනා කරන කාර්ය ස්ථානය, ඉල්ලුම්කරුවන්ගේ පුරවැසිභාවය, හෝ අවසන් ලිඛිත නිර්මාණයේ භාෂාව වැනි කිසිදු සීමා පැනවීමක් නොමැතිව ඔබට අයදුම් කළ හැකිය.  වැඩසටහන් තොරතුරු හා අයදුම් පත්‍ර පිළිබඳ විස්තර http://www.acls.org/programs/buddhist-studies/යන වෙබ් අඩවිය වෙතින් ලබා ගත හැකිය.

අධිශිෂ්‍යත්ව අයදුම් පත් ඉදිරිපත් කිරීම සඳහා අවසන් දිනය: 2016 නොවැම්බර් 15

නිබන්ධන අධිශිෂ්‍යත්ව (Dissertation Fellowships)

නිබන්ධන සූදානම් කිරීමට පූර්ණ කාලීනව කැප වන පී.එච්.ඩී. (PhD) අපේක්ෂකයින් පහත සඳහන් කාර්යයන් සඳහා ශිෂ්‍යත්වයන්ට අයදුම් කළ හැකිය: ක්ෂේත්‍ර කාර්යයන් (fieldwork), ලේඛනාගාර පර්යේෂණ (archival research), සොයා ගැනීම් විශ්ලේෂණය කිරීම (analysis of findings), හෝ ලිවීම (writing) සඳහා අධිශිෂ්‍යත්ව කාලය භාවිතා කළ හැක.

 

  • දීමනාව: ඇ.ඩො. $30,000 
  • නිබන්ධනය සඳහා පූර්ණ කාලීනව කැප වන අපේක්ෂකයින්ට 2017 සැප්තැම්බර් මස 30 වන දිනයෙන් ආරම්භ වී අඛණ්ඩ මාස 10ක්
  • පර්යේෂණ හා නිබන්ධනය ලිවීම හැර, පි.එච්.ඩී. (PhD) උපාධිය සම්බන්ධ අනෙකුත් සියලුම කාර්යයන් 2017 අප්‍රේල් 15 දිනවන විට අවසන් වී තිබිය යුතු ය.

පාශ්චාත් ආචාර්ය උපාධි අධිශිෂ්‍යත්ව (Postdoctoral Fellowships )

පීඑ.ච්.ඩී. (PhD)උපාධිය අවසන් වූ පසු නිබන්ධනය ප්‍රකාශනය කළ හැකිඅත්පිටපතක් බවට සංස්කරණය කිරීම පිණිස හෝ පළමු නව ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා විශ්ව විද්‍යාලයක නේවාසිකයන්ට වසර දෙකක අරමුදල්.  වසරකට එක් පාඨමාලාව බැගින් ඉගැන්වීමට දිරිමත් කෙරෙනු ඇත.

 

  • වාර්ෂික දීමනාව: $55,000 සහ $5,000ක යළි ස්ථානගත කිරීමේ දීමනාවක්
  • දෑවුරුදු අධිශිෂ්‍යත්ව කාලය 2017 ජූලි 1 සහ 2018 සැප්තැම්බර් 30 අතර ආරම්භ කළ යුතුය
  • පී.එච්.ඩී (PhD) උපාධිය නිල වශයෙන් 2013 ජනවාරි 1 හා 2017මැයි මස 31 අතර ප්‍රදානය කර තිබිය යුතුය.

සහයෝගීතා පර්යේෂණ අධිශිෂ්‍යත්ව (Collaborative Research Fellowships)

සහයෝගීතා අධිශිෂ්‍යත්වයන්, අන්තර්-ක්ෂේත්‍ර හෝ බහුවිධ-ක්ෂේත්‍ර කාර්යයන්ට උපකාරී වේ.  විවිධ බෞද්ධ සම්ප්‍රදායයන් සම්බන්ධ කෙරෙන හෝ වෙනත් අධ්‍යයන ක්ෂේත්‍ර අතර සම්බන්ධතාවය පිළිබඳ ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාවය දෙනු ඇත.  අන්තර්ජාතික ව්‍යාපෘති හා බහු-භාෂාමය ව්‍යාපෘතිවලට ද ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

  • උපරිම ප්‍රදානය: $200,000
  • වසර එක සිට දෙක දක්වා වන අධිශිෂ්‍යත්ව 2017 ජුලි 1 සහ 2018 සැප්තැම්බර් 30 අතර ආරම්භ කළ යුතුය
  • අධිශිෂ්‍යත්වලාභීන්ට ඉගැන්වීමේ අරමුදල් නිකුත් කිරීමේ මාස නවයක කාලයක් සඳහා ආධාර කිරීමට $65,000 දක්වා ද (විශ්ව විද්‍යාල සැසි නොපවත්නා විට ගිම්හාන මාස සඳහා $23,000 දක්වා ද) ඉල්ලුම් කළ හැකිය.  ව්‍යාපෘති වියදම් සඳහා ද අරමුදල් ඉල්ලුම් කළ හැකිය.
  • සහයෝගිතා අධිශිෂ්‍යත්වලාභීන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකුගෙන් කණ්ඩායම් සමන්විත විය හැකි අතර ඔවුන් එකම අධ්‍යයනායතනයකින් නොවන්නේ නම් වඩා සුදුසුය.
  • සාමූහික පර්යේෂණ, අධ්‍යයන, හෝ ලේඛන කටයුතු සඳහා අධිශිෂ්‍යත්වලාභීන් එක් ස්ථානයක යටත් පිරිසෙයින් මාස තුනක කාලයක් ගත කළ යුතුය.

පර්යේෂණ අධිශිෂ්‍යත්ව (Research Fellowships)

බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පර්යේෂණ හා ලේඛන කටයුතු සඳහා (මාස නවයක් දක්වා වන) අධිශිෂ්‍යත්ව පිරිනැමේ.  සැළකිය යුතු තත්වයේ විද්වත් නිර්මාණයක් යෝජනා කළ යුතුය.

  • දීමනා: $70,000 දක්වා
  • අධිශිෂ්‍යත්ව කාලය 2017 ජුලි 1 වන දිනයෙන් පසු ආරම්භ වී 2019 ජුනි 30 දින අවසන් විය යුතුය.
  • අයදුම් පත් භාර ගන්නා අවසාන දින වන විට අයදුම්කරුවන්ට පීඑච්ඩී (PhD) උපාධිය හෝ ඊට සමාන සුදුසුකම් තිබිය යුතුය

නව මහාචාර්ය ධුර (New Professorships )

  • ඉගැන්වීමේ නව තනතුරක් සඳහා ආරම්භක අරමුදල වශයෙන් එක් අධ්‍යයනායතනයකට $300,000 දක්වා (වසර හතරක් පුරා) ප්‍රදානය කෙරේ.
  • වැටුප්, ප්‍රතිලාභ, හා පර්යේෂණ වියදම් සඳහා පමණක් ප්‍රදානිත අරමුදල් භාවිතා කළ යුතුය.
  • එම තනතුර ස්ථිර, පූර්ණකාලීන පිඨ තනතුරක් හෝ, ධුර කාලයෙන් තොර ක්‍රමයකට අනුව හෝ දීර්ඝකාලීන තනතුරක් ලෙස පවත්වා ගෙන යාමට අධ්‍යයනායතනය කැප විය යුතුය.
  • නව මහාචාර්ය ධුර සඳහා ප්‍රදාන අයදුම් පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය: 2017 ජනවාරි 11.